ලසිත් මාලිංග සෙවූ අලුත්ම පන්දුයවන්නා හමුවෙයි.


ලසිත් මාලිංගගේ  පන්දුයැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙකු පිළිබඳ ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනත් සමග එම පාසල් ක්‍රීඩකයා පිළිබද කාගේත් අවධානය යොමුවී තිබුණි.

ඔහු නුගවෙල මධ්‍ය  විද්‍යාලයේ නිමේෂ ජලන. 

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග සඳහා පුහුණුවීම් සිදු කරන අවස්ථාවක ගත් වීඩියෝවක් හේතුවෙන් ලසිත් මාලිංගගේ පන්දුයැවීමේ ඉරියව්වට සමාන නිමේෂගේ මෙම පන්දුයැවීම කාගේත් අවධානයට ලක්වුණි.

මොහු පිලිබදව ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක්ද තිය තිබුනා. 

"අලුත් පන්දුවෙන් අවුට්ස්වින්ග් පන්දු වගේම, පැරණි පන්දුවෙන් රිවර්ස් ස්වින්ග් පන්දු යැවීමේ හැකියාවත් ඇති හොඳ පන්දුයැවීමේ ඉරියව්වක්. මෙම කුසලතාවන් වැඩි දියුණු කරගෙන නව අලුත් අලුත් දේවල් ඉගෙන ගනිමින් ඔහුගේ ශාරSරික යෝග්‍යතාව ඉදිරි වසර 4, 5ක කාලයක තුළ අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් ඔහුට බොහෝදුර යා හැකියි." යනුවෙන් ලසිත් මාලිංග සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments