දයාසිරිට මල පනී!


හිටපු ජනාධිපතිවරු ගෙදරට වෙලා ඉන්න ඕන. ඡන්දෙන් ඉහළම පුටුවට ගිහිල්ලා තව මොන බම්බුවටද මෙතන ඇවිල්ල කෙකර ගාන්නෙ මේ පක්ෂ අස්සෙ .

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නැවත මෛත්‍රීපාල සිරිසේනට ලැබෙන එකක් නෑ නේද කියා අද මාධ්‍ය වේදියකු අසන ලද ප්‍රශ්නයකට ආවේගයෙන් පිළිතුරු දෙමිනි .

තවදුරටත් ඔහු පැවසුවේ සිරිසේනට නැවත නායකත්වය දිය යුතුත් නැහැ යන්නයි.හේතුව සිරිසේන මේ පක්ෂය⁣ට කරපු විනාශයයි.මම කියන්නේ දැනට ඔහුට එරෙහිව දී ඇති වාරණ නියෝගය තව අවුරුදු පන්සීයක් දික්කළහොත් හොඳ බවය.එවිට මේ පක්ෂය හොඳට හදාගන්න පුළුවන් බව ඔහු පැවසීය .

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පැවසුවේ විජේදාස රාජපක්ෂවත්, නිමල් සිරිපාලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලට එව්වේ රනිල් වික්‍රමසිංහ විසින් බවත් එමගින් හිතාමතාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදමා සහ උසාවියට ගාල්කරන්න තමයි මේ ටික කරල තියෙන්නේ යනුවෙන් පැවසීය .අපි හිතන්නෙ මහින්ද රාජපක්ෂ තමයි පක්ෂ කඩන්නෙ කියලනෙ.දැන් බලපුවාම රනිල් ඊට වැඩිය වේගයෙන් පක්ෂ  කඩනව .ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුව,පොදු ජන පෙරමුණ කඩල ඉවරයි .වශයෙන් ඔහු පැවසීය ..

තවත් පුවත් : 

Post a Comment

0 Comments