ශ්‍රී ලංකාව වර්ථමානයේ මතුවී තිබෙන භූ දේශපාලනික ,භූ සංග්‍රාමික යථාර්ථය නිසි ලෙස අවබෝධ කරගෙන නොමැති බව කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ අද දිවයින සමඟ පැවති සාකච්ඡාවකදී පවසා තිබුණි .
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවර පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැඩිමර් පුටින්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුභාශිංෂණ ඉදිරිපත් කිරීමට හෝ පසුගියදා Crocus Hall හි සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අඩුම තරමේ ශෝකය ප්‍රකාශ කිරීමක්වත් නිසියාකාරව ශ්‍රී ලංකාව සිදුකර නොමැති බවයි.
නමුත් ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය සිදුවූ අවස්ථාවේ රුසියාව තම සහයෝගය උපරිමයෙන් ශ්‍රී ලංකාවට දැක්වූ අතර ජිනීවාහි මානව හිමිකම් කොමිෂම ඉදිරියට යෝජනා ගෙන එමින් ඇමරිකාව ශ්‍රී ලංකාව අපහසුතාවට පත්කළ අවස්ථා වලදී ව්ලැඩිමර් පුටින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් පෙනිසිටියේය.
මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව රුසියාව සමඟ එතරම් මිත්‍රශීලී සම්බන්ධතාවයක් නොපවත්වන බවයි .නමුත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව තුලනාත්මක සහ සාධාරණ දෘෂ්ටිකෝණයකින් ලාංකීය ජාතික උවනාවන්ට වැදගත් වන පරිදි මෙවැනි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම ඉතාමත්ම වැදගත් වන බව මහාචාර්යවරයා සඳහන් කර තිබුණි .
තවත් පුවත් :
0 Comments