උඩුගුවනේ දී හෙලිකොප්ටර් දෙකක් ගැටීමෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි..


කිසිවෙකුත් අපේක්ෂා නොකළ, මෙම අනපේක්ෂිත අනතුර සිදුව ඇත්තේ, නාවික දින සැමරුම හා සමගාමීව පැවති පෙර පුහුණුවීමක් අතරතුරදීයි.. 

රාජකීය මැලේසියානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් දෙකක් මැලේසියාවේ ලුමුට් නගරයට ඉහළ අහසේ දී ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

90 වැනි නාවික දින සැමරුම සඳහා වූ පෙර පුහුණුවීමක් අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි එම මාධ්‍ය වාර්තා කරන අතර එලෙස අනතුරට පත්ව ඇත්තේ HOM M503-3 වර්ගයේ හෙලිකොප්ටරයක් හා Fennec M502-6 වර්ගයේ හෙලිකොප්ටරයක්..

අනතුර සිදුවන අවස්ථාවේ දී HOM M503-3 යානය තුළ පුද්ගලයන් 7 දෙනෙක් ද Fennec M502-6 යානය තුළ පුද්ගලයන් තිදෙනෙකු ද වූ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..

කෙසේ නමුත් එම මාධ්‍ය වාර්තා සැක පළ කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ දී අදාල යානාවන් දෙකෙහි සිටි කිසිදු අයෙක් දිවි බේරා ගැනීමට සමත් වී නැති බවටයි..

#1. 


#2. 

#3. 
#4. 



තවත් පුවත් : 


Post a Comment

0 Comments