අධිවේගී මාර්ග සහස්යා සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය.


අධිවේගී මාර්ග ජාලය මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත මාරු කිරීම සඳහා රජයේ අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පැවසුවේ විධිමත් කළමනාකරණ ගිවිසුමකට අනුව 2024 අප්‍රේල් මාසයේ සිට අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් සහ කළමනාකරණය සහස්‍ය ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත මාරු කර මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් සසහස්‍ය ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් වෙත පැවරීමට යෝජනාව ඉදිරිපත් කර තිබූ බවයි. අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්යමණ්ඩලය වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණ කිරීමට මෙමගින් හැකිවන බව යෝජනාවේ දක්වා තිබේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments