ජනතාවනි,ඩිලාන්ලාගේ මැද මාවතට නැවත නොරැවටෙමු!


අද නිදහස ජනතා සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසුවේ ,මේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා  දකුණ හා වම අතර මැද්දෙන් තියන මහා සංධානය සජබ සමඟ එකතුව  හෙට(අප්‍රේල් 5)ගොඩනගන බවයි ,අපි එම සංධානයේ ප්‍රධාන  කස කරුවා ලෙස කසය අතට අරගෙන පෙරහැරේ ඉස්සරහින්ම ගමන් කරන බවත් ,කොමියුනිස්ට් පක්ෂය ඔසීට කල දේ ඩලස්ට කරන්න එපා කියල ඉල්ලන බවත් ,එයින් වාසිය ගන්නේ රනිල් වික්‍රමසිංහ බවත් පැවසීය .

ඉස්සෙල්ලාම ඩිලාන්ට කියන්න ඕන ඔබලාට ඇමතිකම් ගැනීමේ සිහිනය ඔලුවේ තියාගෙන නැවතත් මැද මාවතේ බොරු සංධාන කතා මගින්  මේ රටේ ජනතාව  ගොනාට අන්දන්න  බැරිබවය.

ඔබලා මෙතෙක් හදපු සංධානවල ප්‍රතිඵලය අද ජනතාව භුක්ති විඳිමින් සිටි.

ඒ නිසා ඔබලා ඔය යෝජනා කරන රනිල් වෙනුවට සජිත්  සූත්‍රයට මේ රටේ ජනතාව නැවත රැවටෙන්නේ නැත.

ඩිලාන්ගෙන් අහන්න තියෙන්නේ මේ රට බංකොලොත් වුනේ 1978 සිට ගෙනගිය නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය හේතුවෙන් නිසා නේද ?කියාය .

ඒ නිසා කළ යුතු වන්නේ දැනට ක්‍රියාත්මක IMF  වැඩ සටහන නිසා ජාතික නිදහසටත්,ස්වාධීනත්වයටත්,ජාතික සම්පත් ටිකටත් වෙන්න යන  බරපතල විනාශයට එරෙහිව රටට ගැලපෙන "දේශපාලන සමාජ ආර්ථික වැඩපිළිවෙළක්" ගොඩනගාගෙන එයට මුහුණ දෙන එක නේද ?ඩිලාන් ,දැන් රටට අවශ්‍ය එහෙම සංධානයක් නේද ?

ඒ අනුව  රනිල් පොහොට්ටු ආණ්ඩුවේම ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්නා,IMF වැඩ පිළිවෙලට ආවඩන පිරිසක් සිටින , සජබ සමඟ එක්වන ලෙසට කරන කරන ආරාධනය මහා පාවාදීමක්  නේද ඩිලාන්.

ඒනිසා IMF වෙත නැවත ජනතාව දක්කාගෙන යාමට උපදෙස් දෙන හා එයට අනුබලය දෙන හර්ෂලා ,ඉරාන් ලා සමඟ පෙරහැරේ යාමට ජනතාවට කතා කරන්න ලැජ්ජ නැද්ද? අවසාන වශයෙන් ඩිලාන්ට කියන්න තියෙන්නේ  ඇමති කට්ටකට රට ⁣පාවා නොදෙන ලෙසත් ,දැන් සිටින්නේ බුද්ධිමත් ජනතාවක් බවත් හොඳට මතක තියාගන්න ලෙසයි.

.........විමර්ශක .......

තවත් පුවත් : 

Post a Comment

0 Comments