මහ බැංකු වැටුප් ගැන හොයන්න ස්වාධීන කමිටුවක්.


ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබෙි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත.

මහ බැංකුවේ වැටුප් සංශෝධනය පිළිබඳ CoPF වාර්තාවේ නිර්දේශය මත පදනම්ව මෙම කමිටුව පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

 දිනේෂ්  වීරකොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න,ඇන්තනි නිහාල් ෆොන්සේක,අනුෂ්ක එස් විජේසිංහ, දුමින්ද හුලංගමුව ස්වාධීන වේතන කමිටු සාමාජිකයෝ වෙති.

තවත් පුවත් : 


Post a Comment

0 Comments