මෙම ප්‍රශ්නය මාලිමාවෙන් ඇසීමට සිදුවුනේ තවමත් රට ගොඩනගන ඔවුන්ගේ නව ප්‍රතිපත්ති එළිදක්වා නොමැති බැවිනි. සමහර මාලිමා නායකයන් පවසන්නේ මෙතෙක් කිසිම කෙනෙක් ඉදිරිපත් නොකළ අරුම පුදුම වැඩපිළිවෙළක් ඔවුන් සතු බවයි. නමුත් එය එළි දැක්වීමට ප්‍රමාද ඇයි?
ජනතාව විමසිල්ලෙන් බලා සිටින්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය ගෝලීය ධනේශ්වර ක්‍රමයේ දැනට විකාශනය වන ගතිකත්වයන් සහ අපේ සමාජයට එමඟින් කර ඇති බලපෑම ග්‍රහණය කරගෙන ඉදිරිපත් කරන එකක්ද කියාය .
කෙටියෙන්ම කියනවානම් නව ලිබරල් දෘෂ්ටිවාදයේ ආධිපත්‍යයට මුහුණ දීමේදී තමුන් අනුගමනය කරන ඉදිරි මාවත කුමක්ද? කියා වහාම රටට හෙළිකළ යුතුය .එනම් නිදහස, අභිමානය සහ සාධාරණත්වය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම සඳහා ඇති විකල්ප සමාජ ආර්ථික මාදිලිය නොපමාව ජනතාවට හැදෑරීම සඳහා ඉදිරිපත් කළ යුතුය .
ජේ.ආර් ගේ සිට අද රනිල් දක්වා ගෙන යන නව ලිබරල් මාදිලිය විසින් රටට සිදුකර ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය අපි හොඳින් අත්දකිමින් සිටිමු. එම ආර්ථික මාවතේ ගමන් කරන හැම තත්පරයම රටත් ජනතාවත් දුගීබවේ අගාධයටම රැගෙන යන බව තේරුම් ගත යුතුය .
එබැවින් දක්ෂිණාංශික බලවේග පරාජය කර බලය තම අතට ගැනීමට නම් සියලු වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග වල සුසංයෝගී පෙළගැස්මක් සහිත විකල්ප සමාජ ආර්ථික වැඩපිළිවෙළක් වහාම රට හමුවේ තැබිය යුතු බව දේශපාලන බුද්ධිමතුන්ගේ මතය වී තිබේ ...
තවත් පුවත් :
- රාජ්‍ය ඇමති චාමර සම්පත් ගමන්කළ රථය එක්වරම ගිනිගනී.
- තම දරුවාගේ ජීවිතය වෙනුවෙන් නොබියව සටන් වැදුන වීර මව ඈෂ්ලිගේ කතාව.
0 Comments