රාජස්ථාන් කණ්ඩායම ඉහලින් තැබූ සංගා ගැන ඉන්දියාවේ ජනප්‍රිය අලුත්ම කතාව.

 කුමාර් සංගක්කාර කියන්නේ ලෝකයම පිළිගත්තු අපේ රටෙන් බිහිවුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පුහුණුකරු සහ උපදේශකයකු විදිහට මේ දිනවල ඉන්දීය ප්‍රිමිය ලීගයට සහභාගී වෙලා සිටිනවා.

මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේද පෙරමුණේ සිටින්නේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමයි.

පසුගියදා රාජස්ථාන් සහ -ලක්නව් කණ්ඩායම් අතර තරගයෙන් පසුව රාජස්ථාන් කණ්ඩායමේ දුරව් ජුවල් ක්‍රීඩකයාගේ දෙමාපියන් පිටියට පැමිණෙන්නේ තම පුතා හමුවීමටයි.

ඒ එද්දි සංගක්කාර දකින ජුවල්ගේ පියා ඔහුට ගෞරව කරනවා.

ඒ පිටම සංගක්කාර ඔහුට තම හිස පැලඳි හිස් වැසුම ගලවා ආචාර කරන වීඩියෝවක් ඉන්දියානු ක්‍රීඩාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වී තිබෙනවා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments