රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගේ සහායත් රනිල්ට !


එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරඟ කරන්නේ නම් ඔහුට සහාය දක්වන බව ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසුවේය.

රට අර්බූදයෙන් ගොඩගත් නායකයා රනිල් බවත් දේශපාලනය ගැන නොසිතා රනිල්ට සහාය දැක්වීම පොදු ජන පෙරමුණේ සියලු දෙනාගේ වගකීම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .ඔහු මෙම අදහස් පළකළේ ජනාධිපතිවරණය ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි .නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට මෙය අවස්ථාව නොවන බවද ඔහු  පැවසීය .මේ අනුව පොහොට්ටුවේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති  විය යුතු බවට මේ වන විටත් ප්‍රකාශ කර හමාරය .

තවත් පුවත් :


Post a Comment

0 Comments