ශ්‍රීලනිප නායකත්වය යලි චන්ද්‍රිකාටද? පුටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක්ද?


1951දී S W R D බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රීලනිප බිහිකිරීමෙන් අනතුරුව, අඩුම ඡන්ද පදනමක් බිහිවූයේ මෛත්‍රීපාල සිරිසේන යුගයේය. ඔහුට විරුද්ධ වූ ජේෂ්ඨයන් බොහෝ දෙනෙක් පක්ෂ‍යෙන් ඉවත්කර ඇති අතර මේ වනවිට ඇතැම් ජාතික තනතුරු හොබවන්නේ ජාතික වශයෙන් පිලිගැනීමක් නොමැති ආධූනික පිරිසකු. පාස්කු ප්‍රහාරය ගැන සිරිසේන නිකුත් කරන එකිනෙකට පරස්පර විරෝධී ප්‍රකාශන නිසා, මේ වනවිට ඔහු ගැන නීතිමය හා සමාජීය ගැටළු රැසක් මතුවී ඇත.

 මේ තත්වය තුල, පක්ෂයට ඇතිවිය පරිහානිය අවමකර, පක්ෂය යලිත් ප්‍රතිසංවිධානය කර, අනාගත ජනාධිපතිවරණයට සූදානම් වීමට, පක්ෂයේ ජේෂ්ඨයන් රැසකගේ එකඟත්වයෙන් හිටපු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියව යලි පක්ෂ නායකත්වයට යෝජනා කර ඇත. සිරිසේන විසින් ඉවත් කල ජේෂ්ඨයන් පමණක් නොව, පක්ෂයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ සමග පොහොට්ටුවට එක්වී අදවන විට දෙලොවක් අතර සිටින පිරිසක්ද, එජාපයේ හා සජබයේ කලකිරුනු පිරිසක්ද එතුමිය සමග එක්වන බවට ඉඟි පලකර ඇති බව දැනගන්නට ඇත.

තවද පැරණි වමේ පක්ෂ, දෙමල හා මුස්ලිම් පක්ෂ සහ තවත් දේශපාලන පක්ෂ හා සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් එක් කරගෙන පොදුජන එක්සත් පෙරමුණ යලි ප්‍රතිසංවිධානය කොට, පුටුව ලකුණෙන් එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටද සාකච්ඡා කර ඇති බව ආරංචි වේ. දේශපාලන අද්දැකීම් ඇති, උගත්, කිසිඳු දූෂණ, වංචා චෝදනා නොමැති තිදෙනෙක් ගැන අවදානය යොමුකර ඇති බවටද දැනගන්නට ඇත. 1994 දී හා 1999 දී චන්ද්‍රිකා මැතිනිය විසින් ජනාධිපතිවරණය ජයග්‍රහණ‍ය කලේද පුටුව ලකුණෙන් වේ.

- යෙනුක සිසිල්චන්ද්‍ර

තවත් පුවත් : 

Post a Comment

0 Comments