ගිය වසරේ පටන් IPL තරගාවලියට හඳුන්වා දුන් Impact Player අවස්ථාව සම්බන්ධයෙන් තමන් එතරම් සතුටක් නොදක්වන බව සුපිරි ඉන්දීය පිතිකරු Rohit Sharma පවසනවා.
මෙම නීතිය අනුව ඕනෑම තරගයක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සංඛ්‍යාව 11 දෙනාගේ සිට 12 දෙනෙකු දක්වා ඉහළ යන අතර, මේ මගින් ප්‍රේක්ෂකයින්ට යම් විනෝදාස්වාදයක් සැපයුවත් එය ක්‍රීඩාවට සහ ක්‍රීඩකයින්ට එතරම් හොඳ අවස්තාවක් නිර්මාණය නොකරන බවයි Rohit Sharma පවසයි.
“මම Impact Player එකේ ලොකු රසිකයෙක් නෙවෙයි, ඔය ක්‍රීඩාව වටා ඉන්න රසිකයින්ට විනෝදාස්වාදයක් සපයන්න ක්‍රීඩාවෙන් බොහෝ දේ ගන්නවා.“
මේ හරහා Shivam Dube, Washington Sundar වැනි ක්‍රීඩකයින්ට ඇති අවස්ථා අතිශය සිමීත වී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
ඉන්දීය කණ්ඩායම මේ දින වල එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් සිය සංචිතය සකසා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, ඔවුන්ට සමබර කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම පිළිබඳ යම් ගැටලුවක් නිර්මාණය වී ඇති බව පෙනී යයි.
විශේෂයෙන්ම ඉන්දියාව සතු අවම තුන් ඉරියව් ක්‍රීඩක සම්පත් හේතුවෙන් ඔවුන්ට සිය මැද පෙළ වෙනුවෙන් බලාපොරොත්තු තැබීමට ඉතිරි වී ඇත්තේ Hardik Pandya සහ Ravindra Jadeja වෙත පමණයි.
මෙහි දී Washington Sundar, Shivam Dube වැනි ක්‍රීඩකයින් ද තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දක්වන අය ලෙස කැපී පෙනුනත්, මෙවර IPL තරගාවලියේ දී ඔවුන්ට Impact Player නීතිය නිසා සිය දක්ෂතා හරි හැටි ප්‍රදර්ශනය කිරීමට අවකාශය හිමි නොවූ තරම්.
Shivam මෙවර තරගාවලියේ දී බොහෝ විට Impact Player අවස්ථාවට ලඝු වූ අතර, ඒ හේතුවෙන් ඔහුව පිතිකරුවකු ලෙස පමණයි දක්නට ලැබුණේ.
Rohit Sharma විසින් ඉහත ගැටලුව විස්තර කරමින් පවසන්නේ මෙම නව නීතිය මගින් ඉන්දීය කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් සොයා ගැනීම තවත් අපහසු කරවනා බවයි.
තවත් පුවත් :
- දයාසිරිට මල පනී!
- “ඔබ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සිටියොත් ඔබේ හිස පිපිරී යනු ඇත". අම්බටි රයිදු කියන කතාව.
0 Comments