එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් තෝරා ගෙන ඇති බව Daily FT විසින් වාර්තා කරනවා.
මෙම මූලික සංචිතය සඳහා ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ඇතුළත් කර ඇති අතර, ඒ අනුව මාස 15කට ආසන්න කාලයකට පසුවයි ඔහුට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාවක් නිර්මාණය වී තිබෙන්නේ.
එමෙන්ම අවසන් වරට 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළ නිරෝශන් දික්වැල්ල ද මෙම සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.
නම් කර ඇති සංචිතයේ සිටින නමුත් දැනට IPL තරගාවලිය නියෝජනය කරන නුවන් තුශාර, දුශ්මන්ත චමීර, විජයකාන්ත් වියස්කාන්ත්, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ශණ යන ක්‍රීඩකයින් පස් දෙනා හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර එළඹෙන ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාවට තවත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග නොමැති හෙයින් මැයි මස 02දා සිට අන්තර් සංචිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තේරීම් කමිටුව විසින් සැලසුම් කර ඇති බවත් වාර්තා වනවා.
තවත් පුවත් :
0 Comments