ශාරුක්ගේ නයිට්වරු 2024 IPL ශූරතාවය දිනාගනියි.

 


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට ශෙයාස් අයියර්ගේ නායකත්වයෙන් යුතු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මීට සුලු වේලාවකට පෙර සමත් වුණා.

ඒ චෙන්නායිහි එම්. ඒ චිදම්බරම් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබා දුන් ලකුණු 113ක ඉලක්කය පන්දුවාර 10.3ක දී කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන් පසු කර යමින්.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් ම පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18.3 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 113ක් රැස් කර ගත්තේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරග ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛාවට හිමි අවමන් සහගත වාර්තාව තමා ඉදිරියේ ලියා තබා ගනිමින්.

එම පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් නරේන් ලකුණු 6ක් පමණක් ලබා සිටිය දී හයිද්‍රාබාද් නායක පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

අනතුරුව කොල්කටා ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් හා පිටියේ ස්ථාවර වූ වෙන්කටේෂ් අයියර් පිටිය සිසාරා දැවැන්ත ප්‍රහාරාවලියක් එල්ල කළේ හයිද්‍රාබාදය වෙත ජයග්‍රහණය පිළිබඳව වූ අංශුමාත්‍රයක බලාපොරොත්තුව ද සුන්නද්දූලි කරමින්.

කෙසේ නමුත් ගුර්බාස් ලකුණු 39ක් ලබා සිටිය දී ශබාස් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා.

ජයග්‍රාහී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් පන්දු 26ක දී වේගවත් ලකුණු 52ක් ලබා ගත්තා. 

තවත් පුවත් :

Post a Comment

0 Comments