20-20 ලෝක කුසලානයට තවත් ඇත්තේ ඉතාමත් සීමිත දින සංඛ්‍යාවක් පමණයි.
මේ කියන්න යන්නේ 20-20 ලෝක කුසලානය අභියසව තිබිය දී ඇසෙන පුවතක් ගැනයි.
20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා 20යි 20 නායක වනිඳු හසරංග සහ බංග්ලාදේශ ශකීබ් අල් හසන් සමත්ව තිබෙනවා.
ඒ අනුව 3 වන ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී.
අයි. සී. සී නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දසුන් ශානක 18 වන ස්ථානයට පත්ව සිටිනවා.
20 යි 20 පිතිකරුවන් අතර ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පෙරමුණේ පසුවන අතර පන්දු යවන්නන් අතර 2 වන ස්ථානය වනිඳු හසරංගට හිමිව තිබෙනවා.
එහි පෙරමුණේ පසුවන්නේ එංගලන්ත ක්‍රීඩක උස්මාන් රෂීඩ්.
තවත් පුවත් :
0 Comments