ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වීමට අවශ්‍ය කරන වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැහැදිලි කළේ, කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කර නොමැති නමුත් මේ වන විට එය සකස් කෙරෙමින් පවතින බවයි.
තව ද කුසල්ට ඉදිරි දින දෙක තුළ වීසා ලැබෙනු ඇතැයි ඈෂ්ලි ද සිල්වා වැඩිදුරටත් එහි දී විශ්වාසය පළ කළා.
කෙසේ නමුත් අමෙරිකානු තානාපති කාර්යාලය විසින්, අදාළ කටයුතු සඳහා කුසල්ගේ අමතර තොරතුරු ඉල්ලා ඇති බව පවසනවා.
මේ අතර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, 2020 වසරේ දී පානදුර ප්‍රදේශයේ දී කුසල් මෙන්ඩිස් අතින් සිදු වූ රියඅනතුර සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය තොරතුරු ඉල්ලා ඇති බවයි.
තවත් පුවත් :
- ඩිල්ශාන්ගේ දුව, ලිමන්සා ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමට ලකුණු 14ක ජයක්.
- සිපිරි ගෙයින් මිදී ප්‍රබල ක්‍රීඩකයෙක් T20 ලෝක කුසලානයට..?
0 Comments