මෙවර T20 ලෝක කුසලානය ගැන බොහෝ දෙනාගේ අවදානය යොමුවී තිබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇහෙන අලුත්ම කතාවක් ගැනයි..
ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත කත්මන්ඩු දිස්ත්‍රික් අධිකරණය විසින් පසුගිය ජනවාරි මස වසර 8ක සිර දඬුවමක් නියම කරන ලද නේපාල හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලමිශේන්ව (Sandeep Lamichhane) නිදහස් කිරීමට පටාන් මහාධිකරණය තීරණය කොට තිබෙනවා..
විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ ඇතැම් විට එළැඹෙන T20 ලෝක කුසලානයට සහභාහී වීමට ඔහුට අවස්ථාව හිමිවනු ඇති බවයි..
ඔහුට ලබා දුන් අධිකරණ තීන්දුවෙන් අනතුරුව, නේපාල ක්‍රිකට් සංගමය ප්‍රකාශ කළේ ICC හි අවසරයට යටත්ව නේපාලයේ T20 ලෝක කුසලාන සංචිතය සඳහා Lamichhane සලකා බලන බවයි..
නේපාලය මේ වන විට ක්‍රීඩකයන් 15කගෙන් යුතු සංචිතයක් ලෝක කුසලානය සඳහා නම් කොට තිබුණත් ජුනි 1වැනිදා සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 20ටම ඔවුන්ගේ අවසන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඉදිරිපත් කිරීමට ICC විසින් මැයි 25 දක්වා කාලය ලබා දී තිබෙනවා..
තවත් පුවත් :
- ඩිල්ශාන්ගේ දුව, ලිමන්සා ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමට ලකුණු 14ක ජයක්.
- කොහේ ගියත් ඉතිං එයාලා ගෑවෙනවාම තමයි.ලංකාවේ වනිඳු ගැනයි බංග්ලාදේශයේ ශකිබ් ගැනයි ඇසෙන පුවත මෙන්න.
0 Comments