සජිත් ප්‍රේමදාස රනිල්ට ඉඩදී මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් කිසිසේත්ම ඉවත් නොවන තත්ත්වයක් තුල ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකට, එකම දිනක පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ ,පොහොට්ටු ආණ්ඩුව සැලසුම් කරගෙන යන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණය කලින් තබා මහමැතිවරණය පසුව තැබීමට තීරණය කළ හොත් ජනාධිපතිවරණය දිනන පක්ෂයට පාර්ලිමේන්තුවේද වැඩි බලයක් හිමවන බැවින් එය වැලැක්වීමට මෙම තීරණයට එළඹ ඇති බව සැලය.
ජනාධිපතිවරණයෙන් සජිත් හෝ අනුර දිනුවොත් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එම දිනන පක්ෂයට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් ලැබීම වැලැක්විය නොහැක . මෙහිදී වැඩියෙන්ම අර්බුදයට ලක්වන්නේ පොහොට්ටුව හා යූඑන්පීයයි.සමහර විට පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධූරයක් හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බැවින් ආණ්ඩු බලය තබාගෙනම මහ මැතිවරණයකට මුහුණ දීම සඳහා මෙසේ මැතිවරණ දෙකම එකට පැවැත්වීමට රනිල් හා එකඟතාවයකට පැමිණ ඇති බව වාර්ථාවේ .
එසේ වුවහොත් පොහොට්ටු වට හා යූඑන්පී එකට මුහුණ දීමට සිදුවන බරපතල පරාජයෙන් බේරී පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීවරු ගණනක් පත්කර ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ .
ඉහත හේතු මත ජනාධිපතිවරණයේදී සජිත්ට ඉඩදී රනිල් ඉවත්වී පාර්ලිමේන්තුවේ බලතුලනය රනිල්ට හා පොහොට්ටුව ට වාසිදායක ලෙස හැසිරවියහැකි තත්ත්වයකට පත්කර ගැනීම ඔවුන්ගේ උපාය වී ඇතැයිද වාර්ථාවේ . එවිට පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයකට බහුතර මන්ත්‍රීවරු පිරිසක් නොලැබෙන බැවින් පත්වන ජනාධිපති රූකඩයක් බවට පත්කර ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.
තවත් පුවත් :
0 Comments