ඔබට මතකද මේ සිදුවීම... තරුණයින් පිරිසකගේ හෙල්මට් ප්‍රහාරවලින් මිය ගිය එක් දරු පියා ගැන ඇහෙන, දුක්මුසු කතාව...


වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව  මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු  සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව  මියගිය අයගේ බිරිඳ  වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

2023 වසරේ පෙබරවාරි මස 14 වන දින ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් සමග ඇතිවූ ආරවුලකදී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව සිදුව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි මෙම එක්දරු පියා ඝාතනයට ලක් වුනා.

ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ,කුරුදිප්පිට සුසාන භුමියේ කොන්ක්‍රීට් දමන ලද වලක භූමදානය කල අතර එචක පටන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පිංකම් පැවැත්වෙන දින වලදී සහ වෙනත් විශේෂ දිනවලදී එම සොහොන පවිත්‍ර කර පහන් දැල්වීම සිදුකර තිබෙනවා.

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඔහුගේ සොහොන පවිත්‍ර කිරීමට පවුලේ ඥාති සොහොයුරන් දෙදෙනකු පැමිණි විට එම මිනී වල හරා තිබෙන බව දැක මියගිය අයගේ බිරිඳට දැනුම් දී ඇත.

තවත් පුවත් : 


Post a Comment

0 Comments