ජනපති ඉරානයට ශෝකය පළ කරයි.

 


ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, "X" ගිණුමෙහි සටහනක් තබමින් මෙලෙස සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

"ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇත. අඅභාවයට පත් වූවන්ගේ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට මගේ බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරමි. ජනාධිපති රයිසිගේ සහ ඔහුගේ දූත පිරිසගේ පවුල්වලට අපගේ සිතුවිලි සහ යාඥාවන් සිදු කරන්නෙමු."

තවත් පුවත් : 

Post a Comment

0 Comments