ඔහු ගැන පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා කළා..
ඇත්තටම ඔහුට මොකද වුණේ, මේ ඒ ගැන ඇහෙන අලුත්ම කතාවයි..
සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගොස් අතුරුදන් වී සිටින තරුණයා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව කුලියාපිටිය පොලිසිය සඳහන් කරනවා..
අදාළ සිදුවීමෙන් පසු පෙම්වතියත්, පියාත් ඇගේ 12 සහ 8 යන වයස්වල පසුවන සහෝදරියත්, සහෝදරයාත් පෙම්වතියගේ පියාගේ නැඟණියත් නැගණියගේ සැමියාත් පලාගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ..
එමෙන්ම මෙසේ අතුරුදන්ව සිටින තරුණයාගේ අත් පා බැඳ මෝටර් රථයක දමාගෙන හිටපු දේශපාලනඥයකුගේ නිවසකට රැගෙන ගිය බවටද ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා..
අදාළ තරුණයාව සිය දියණිය මාර්ගයෙන් පියා විසින් සිය නිවසට ගෙන්වාගෙන ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනාරණය වී ඇත්තේ..
එහිදී තරුණියගේ පියා විසින් ඔහුට හිතවත් දෙදෙනෙකු ද නිවසට ගෙන්වා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා..
නමුත් පොලිසිය ඔවුන් හමුවේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මෙම තරුණයාගේ ජීවිතයට කිසිදු හානියක් නොකළ බවයි..
කෙසේ වෙතත්, ඔහුව මෝටර් රථයක දමාගෙන දේශපාලනඥයකුගේ නිවසට රැගෙන ගිය බවට ඔවුන් දෙදෙනා පොලිසිය හමුවේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ..
සැකකාර මෙම පුද්ගලයින් දෙදෙනා පවසනුයේ සත්‍යයක් දැයි යන්න වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ..
කෙසේ නමුත් මේ වනවිට අදාළ දේශපාලනඥයා හා ඔහුගේ පවුලේ පිරිස් ද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ...
තවත් පුවත් :
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ගැන මෛත්‍රී කළ හෙළිදරව්ව.
- රට ශක්තිමත් කරන වගකීම අත්හරින්න බෑ.
0 Comments