ව්‍යාපාරික ජනාධිපති උණ!


ජනාධිපතිවරණය පැවැත්වෙනවා නම් අපේක්ෂක පෝලිම දිග්ගැස්සෙන බව පෙනේ.

ගියවර ජනාධිපතිවරණයේදී රණවිරු උණ දක්නට ලැබුණු අතර රණවිරුවෙකු ලෙස ඔසවාගෙන පැමිණි ඝෝඨාභය ජනතාව විසින් එලවා දැමුවේ රටත් නැතිකර ජනතාවත් විනාශ කළ දේශපාලන භ්‍රස්ටයකු ලෙසය.

මෙවර ජනප්‍රිය වෙමින් ඇත්තේ ව්‍යාපාරික ජනාධිපති උණය. එය මේ වනවිට උණසන්නිපාතයක් බවට පත්ව ඇත .

බොහෝ ව්‍යාපාරිකයෝ රට බංකොලොත් වීම දකින්නේ  ව්‍යාපාරික කළමනාකරණ කටයුත්තක් ලෙසය. ඔවුන්ට අනුව එය දේශපාලන ප්‍රශ්නයක් නොව කළමනාකරණ ප්‍රශ්නයකි.

විශේෂයෙන් නව ලිබරල් නූතන අධිරාජ්‍යවාදයේ බිඳවැටීම ගැන ඔවුන්ට වැටහීමක් නැත. විවෘත ආර්ථිකය තුල ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට නම් දේශපාලන බලය ඔවුන් අතට ගත යුතු බව මෙම ව්‍යාපාරික පිරිස කල්පනා කරයි.

නමුත් අපි දැනගත යුතු කරුණ නම් ව්‍යාපාරිකයන් දේශපාලනයට ඇදෙන්නේ රට හැදීමට නොව තමන් තවදුරටත් හැදීමට මගක් පාදා ගැනීමටය. ඔවුන්ට ඇත්තේ ද IMF  මාවතම බව අප දැනගත යුතුය ...

....සිරිසුමන විදානපතිරණ....

තවත් පුවත් :

Post a Comment

0 Comments