20 විස්ස ලෝක කුසලානයට ත්‍රස්ත ප්‍රහාරයක අවධානමක්.


පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සඳහා පුළුල් හා ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලේ හා බටහිර ඉන්දීය ක්‍රිකට්  ආයතනය පවසනවා.

එම තරගාවලියට එල්ලවිය  හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව කොදෙව් ආරක්ෂක අංශ අධීක්ෂණය කරමින් සිටින බවට Trinidad සහ ටොබෝ අග්‍රමාත්‍යය Keith Rowley තහවුරු කර ඇති පසුබිමකයි.

මෙම අන්තරාය සමනය කිරීම සදහා "අපි දේශීය සහ කලාපීය මට්ටමින් බොහෝ තර්ජන පිළිබඳව අවධානයෙන් සිටින අතර අපගේ බුද්ධි අංශ සහ නිකුත් ආරක්ෂක ආයතන තනිව හෝ එක්ව තරගාවලිය පුරාවට රටවල් සහ ක්‍රීඩාංගන වල  ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරනවා." යනුවෙන් අග්‍රාමාත්‍යය Sunday Express වෙත පවසා තිබෙනවා.

 ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම ත්‍රස්ත අවධානම සම්බන්ධයෙන් මේ වන විට කරුණු පැහැදිලි කිරීම සිදුකර තිබෙනවා.

අපි සත්කාරක රටවල් සහ නගරවල බලධාරීන් සමඟ සමීප කටයුතු කරනවා වගේම අපගේ තරගාවලිය හඳුනා ගත් අවදානම් අවම කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක බව සහතික කිරීමේ ගෝලීය භූ දේශන නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ ඇගයීම සිදුකරනවා යනුවෙන් එම නිවේදනයේ සඳහන්.

ICC ලෝක කුසලානයේදී සෑම දෙනාගේම ආරක්ෂාව අප අංක එකේ ප්‍රමුඛත්වය බව සියලු පාර්ශ්වකරුවන්ට සහතික කිරීමට අපට අවශ්‍යයි.අපට පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් තියෙනවා.

 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුලි පළමුවෙනිදා සිට 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කෝදෙව්  දූපත්හිදී හා ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතයි.

රටවල් විස්සක් ක්‍රීඩා කරන තරගාවලියේ තරග  කොදෙව් දූපත් ක්‍රීඩාංගන හයකදීද, ඇමරිකාවේ ක්‍රීඩාංගන තුනකදී ද පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments