Sunrisers Hyderabad කණ්ඩායමට තවත් වාර්තා ගත ජයක්...ඒ තරගයම ගිනි කෙළි සංදර්ශනයක්

 Lucknow Super Giants සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර ඉන්දීය ප්‍රිමිය ලීගයේ 57 වැනි තරගය අද පැවැත් වුණා.

ඒ හයිද්‍රාබාදයේදී.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 4ක් දැවී ලකුණු 165ක් ලබාගන්නට සමත් වුණා.

එහි දී Nicholas Pooran ලකුණු 48ක් සහ Ayush Badoni  ලකුණු 55ක් ලබා ගන්නට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල Sunrisers Hyderabad කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කදී ලකුණු 167ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sunrisers Hyderabad ඉනිම ශක්තිමත් කිරීමට Travis Head පන්දු 30 තුල ලකුණු 89ක් සහ Abhishek Sharma පන්දු 28කදී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වුණා.

Sunrisers Hyderabad කණ්ඩායම මෙම ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේ කිසිවකුත් නොදැවියි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments