ඊයේ පැවති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පුහුණු තරගය බංග්ලාදේශය පරාජයට පත් වුණා.
මෙවර ලෝක කුසලානයේ බංග්ලාදේශය සහභාගී වෙන ප්‍රථම තරගය ජූනි 7 වැනිදා ශ්‍රී ලංකාව සමග පැවැත් වීමට නියමිතයි.
මෙම තරගයට බංග්ලාදේශ 20-20 කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වූ ෂොරිෆුල් ඉස්ලාම්ට සහභාගී වීමට ඇති හැකියාව අවිනිශ්චිත බවට වාර්තා වෙනවා.
ඒ ඉන්දියාව සමග පැවති පුහුණු තරගයේදී හර්දික් පාණ්ඩ්‍යා එල්ල කළ පහරක් නැවැත් වීමට යාමේ දී වම් අතේ සිදු වූ ආබාධ තත්වයක් හේතුවෙන්.
කෙසේ වෙතත් ඔහු සහභාගී වනවාද නැත්ද යන වග තීරණය කිරීමට තවත් දින දෙකක් ගතවන තුරු සිටීමට සිදු වන බවට බංග්ලාදේශ ප්‍රධාන වෛද්‍යවරයා වන Dr Debashis Chowdhury පවසා තිබෙනවා.
තවත් පුවත් :
0 Comments