2014 දී අපේ සංගා සහ මහේලගේ මතකය අවදි කළ කෝලි සහ ශර්මා තරගය අවසානයේ ගත් තීරණය.


දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවති 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගයේ අවසන් තරගයෙන් ඉන්දියාව ලකුණු 7ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර මෙම තරගයෙන් පසුව විරාත් කෝලි සහ රෝහිත් ශර්මා සිය 20-20 ආකෘතියෙන් සමුගැනීම නිවේදනය කළා. ඉන්දීය කණ්ඩායමේ දැවැන්ත චරිත දෙකක් වූ කෝලි සහ ශර්මා තරගෙයෙන් පසුව මේ බව නිවේදනය කළා.

"මෙය මගේ අවසන් [T20I] තරඟය. "මෙම ආකෘතියට සමු දීමට මීට වඩා හොඳ කාලයක් නැහැ. මම මේ සෑම මොහොතකටම ආදරය කළා. මම මගේ ඉන්දීය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මෙම ආකෘතියෙන් ක්‍රීඩා කරමින්. මට අවශ්‍ය වූයේ ලෝක කුසලානය දිනා ගැනීමටයි.මට මේක ඉතාමත් සංවේදී අවස්ථාවක්.ඒක වචනවලින් කියන්න අමාරුයි.

මේ අතරම විරාත් කෝලිද මේ සම්බන්ධව අදහස් පළ කළා.

මේ තමයි මගේ අවසන් 20-20 ලෝක කුසලානය.ඒ වගේම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් 20-20 තරගය.අද තරගය පැරදුනත් මම මේ තීරණය කියන්න හිටියේ.රෝහිත් එක්ක පිටියට එද්දි අපි කතා වුණේ මේක කොහොම හරි දිනන්න ඕනි කියලා.මට වඩා මේක රෝහිත්ට විශේෂයි.ඔහු දක්ෂයෙක්.අපි දැන් නවකයින්ට අවස්ථාව දිය යුතුයි.මම සාර්ථක වෙද්දි සහ අසාර්ථක වෙද්දි මා එක්ක හිටපු හැමෝටම ස්තූතියි.

මේ අතරම තරගය ජය ගැනීමත් සමගම අවසන් පන්දු වාරය යොමු කළ හර්දික් පාණ්ඩ්‍යා සංවේදීම වීම ක්‍රීඩාලෝලී හැමෝගේම අවධානය දිනා ගත්තා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments