ඉන්දීය ජාතික කන්ඩායමේ ප්‍රධාන පුහුනුකරු ධුරයේ වැඩ බාරගැනීමට ඇරයුම් ලද තවත් ඔස්ට්‍රේලියානු පුහුණුකරුවෙකු ලෙස ජස්ටින් ලැග්නර් හඳුවන්නට පුළුවන්.
කෙසේ නමුත් එම ධුරය ඉකුත් දා ලැග්නර් ප්‍රතික්ෂේප කර තිබුණා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත ලැග්නර් කියා තිබුණේ මෙවැන්නක්
” මම කේ.එල් රාහුල් සමඟ මේ ගැන කතාකරනකොට ඔහු කිව්වා ‛ ඔබ දන්නවා නේද අයි.පී.එල් කණ්ඩායමක් ඇතුළෙ තියෙන පීඩනය සහ දේශපාලන බලපෑම්, එය දහස් ගුණයකින් වැඩිවෙනවා ඉන්දියාවට කෝච් කරද්දි ‘ කියලා. ඒක මට හොඳ අවවාදයක් වුණා. මම හිතනවා එය හොඳ ජොබ් එකක්. නමුත් මේ වෙලාවෙ මට නෙමෙයි. ”
යනුවෙන් ලැග්නර් මාධ්‍ය වෙත කියා තිබුණි.
තවත් පුවත් :
- ලොකු ඇමතිකමකට විමල් ආණ්ඩුවට කැදවයි..
- අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔබට මෙන්න ප්‍රතිඵල මෙතනින් බලන්න.
0 Comments