20-20 ලෝක කුසලානය තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පුහුණු තරගය අද පැවැත් වුණා.
මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 182ක් ලබා ගන්නට සමත් වුණා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 19කදී ලකුණු 23ක් ලබා ගන්නට රිශාබ් පාන්ට් පන්දු 32කදී ලකුණු 53ක් ලබා ගත් අතර උප නායක හර්දික් පාණ්ඩ්‍යා නොදැවී පන්දු 23කදී ලකුණු 40ක් ලබා ගන්නට සමත් වුණා.
Shoriful Islam,Mahedi Hasan,Mahmudullah සහ Tanvir Islam අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා .
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 120ක් පමණයි.
Mahmudullah පන්දු 28කදී ලකුණු 40ක් ලබා ගත්තා.
Shakib Al Hasan ලකුණු 28යි .
තරගයේ ජය ඉන්දියාවට හිමි වෙද්දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Arshdeep Singh , Shivam Dube අතර කඩුළු 2 බැගින් බෙදී ගියා.
තවත් පුවත් :
- අයර්ලන්තය හමුවේ පුහුණු වෙන්න ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට උණු දේ.
- ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මාෂ් පන්දු යැවීමට සූදානම් නැහැ.
0 Comments