පන්දුවාර 20 ලෝක කුසලානය ආරම්භ වීමට ඇත්තේ තවත් සිමීත පැය කිහිපයක් පමණයි.
මෙවර ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයයි.
පුහුණු තරග මේ වනවිටත් ආරම්භ වී ඇති අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව සිය දෙවැනි පුහුණු තරගයට සහභාගී වුණා.
ඒ අයර්ලන්ත කණ්ඩායමත් සමගින්.
එහි දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් වුණා.
එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක පන්දු 15ක් තුල ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුණා.
අන්ජලෝ මැතිව්ස් පන්දු 30කදී ලකුණු 32ක් , වනිඳු හසරංග පන්දු 21කදී ලකුණු 26ක් දසුන් ශානක පන්දු 15කදී ලකුණු 23ක්ද ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18.2 කදී සියල්ලන්ම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ජයග්‍රහනය කළ අතර ලංකාව වෙනුවෙන් දසුන් ශානක ලකුණු 23කට කඩුළු 4ක් ලබා ගැනීමට මහීෂ් සහ වනිදු අතර කඩුළු 2ක බැගින් බෙදී ගියා.
මතීෂ සහ චමීර කඩුළු අතරද එක් 1 බැගින් බෙදී ගියා.විශේෂත්වය වන්නේ දසුන් ශානක සිය සුපුරුදු රිද්මයට පැමිණ තිබීමයි.
තවත් පුවත් :
- ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුනුකරුධුරය ප්‍රතික්ෂේප කල ලැග්නර්ට රාහුල් දුන් උපදෙස !
- ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මාෂ් පන්දු යැවීමට සූදානම් නැහැ.
0 Comments