විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගත් ඇතැම් තීරණය සම්බන්ධයෙන් පුදුමයට පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.
අමෙරිකාවේ සහ බටහිර කොදෙව් දූපත්හි පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව මූලික වටයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ද ඔහු විවේචනය කළා.
සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලොව සෙසු කණ්ඩායම් හා සැසඳිය හැකි පහසුකම් ලබා දුන් බවයි, ශම්මි ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම හේතුවෙන් තමන්ට දැඩි විවේචන එල්ල වූ බව ද ඔහු අවධාරණය කළා.
තමන් ක්‍රීඩා කරනවා නම් මෙවැනි නිශ්චිත තීරණ ගන්නේ නැහැ.
තේරීම් කමිටුව විසින් ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් පුදුම වුණා.
මෙම තීරණය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ කළමනාකාරීත්ව විසින් ගත බවයි ෂම්මි ද සිල්වා මහතා පැහැදිලි කර සිටියේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුව ද තරගාවලියේ ඇතැම් ගැටලුවලට විසඳුම් නොලැබුණු බව ද ඔහු සඳහන් කළා.
මෙම තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට සිදු වූ තණතීරු තරග තීරණ සඳහා බලපෑ බව ද ඔහු පෙන්වා දුන්නා.
එමෙන් ම ඇතැම් හොඳ කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වූ බවයි, ශම්මි ද සිල්වා මහතා කියා සිටියේ.
තවත් පුවත් :
0 Comments