මැතිවරණ පවත්වයිද? නැද්ද ?පිළිබඳව රටතුළ ගැඹුරු සාකච්ඡාවක් මතුව තිබේ. එයට හේතුව ජනාධිපති රනිල් මේ වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට දරණ නොයෙකුත් උපාමාරු, උත්සාහයන් හේතු කොට ගෙනය. එක පැත්තකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් වගන්තියක් යොදා ගනිමින් ජනාධිපතිවරණය තවත් වසරකින් දික්කර ගැනීමට කරනා යෝජනාවයි.අනෙක් යෝජනාව වන්නේ ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරණය තවත් වසර දෙකකට කල්දමා ගැනීමය.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය ගෝල බාලයන් ලවා යෝජනා කරන්නේ එයයි.
මේ සියලු යෝජනා එන්නේ මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් රනිල් පරාජය වන බව ඔහු හොදින් දන්නා නිසාය.
එසේම සජිත් දිනුවත් ඔහුට ප්‍රශ්නයක් නැත .හේතුව ඔහු සිතන්නේ තම පංතියේ ආරක්ෂාවය.
එහෙත් ඔහුට තිබෙන බිය එය නොවේ.ඡන්දයක් පවත්වා පාලන බලය ධනපති විරෝධී නිර්ප්‍රභූ බලවේගයක් අතට ගියහොත් සිදුවීමට නියමිත තත්ත්වය ගැනය.ආර්ථික අර්බුදයෙන් හෙම්බත්ව සිටින ,අරගලයෙන් පසු තම අදහස ප්‍රකාශ කර ගැනීමට මගක් නැතිව සිටින ඝෝඨාභය පලවා හැරි බලවේග වල ප්‍රතිචාරය කුමක් වෙයිද ?යන්න පිළිබඳව රනිල් පමණක් නොව සියලු ප්‍රභූ කොටස් බියවී ඇති සෙයක් රාජිත සේනාරත්නගේ ප්‍රකාශයෙන්ද පෙනේ.
එබැවින් මැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන්නේ මෙම ධනපති හා ප්‍රභූ ස්ථරයේ ආරක්ෂාව මැතිවරණයකින් පසුව කොතරම් දුරට තහවුරු වේද යන්න මත බව දේශපාලන විචාරකයන්ගේ මතයවී තිබේ.
ඒ වගේම ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කා ප්‍රජාතන්ත්‍ර විරෝධීව ආණ්ඩුව කටයුතු කළහොත් නැවත 88,89 කාලයේ පැවති අරාජිකත්වයකටද රට ගමන් කිරීමේ අවධානමක් පවතින බව පාලකයන් දැන ගත යුතුය .
.......විමර්ශක .......
තවත් පුවත් :
- පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..
- ICC Hall of Famer ගෞරවය දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු.
0 Comments