හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ඇය වෙනුවෙනු පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය.
මහාධිකරණය විසින් ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ විත්තිකාරියට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවයි.
එනිසා බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඩුවමක් ලබාදෙන ලෙසද, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් නඩුවේ තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය අමතමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා පැවසුවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය කරන බවත් එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත්ය.
විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කරන බවත් ඒ සදහා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා කියා සිටියෙය්.
තවත් පුවත් :
- "ඇත්තට ඌට බැන්නට වරදක් නෑ..."ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය PUBG තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුට බැන වැදුණු හැටි. - (VIDEO)
- ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැර ගත් හිරුණිකා චෝදනා 18කට වරදකරු වෙයි. වසර 3ක සිර දඬුවමක්.
0 Comments