අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් සෙරෙප්පු දමාගෙන ගොස් ආණ්ඩුව බාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර ඇතුලත මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවද ජනාධිපතිවරයා කීය.
මෙම අවස්ථාවේ සියලු දෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී පැවති ජන හමුවකදී ය.
ජනතාවට දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වුවද තවමත් රට ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බව පැවසු ජනාධිපතිවරයා, එබැවින් දේශපාලනයෙන් තොරව රට ගොඩනැඟීම වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ද අවධාරණය කළේය.
තවත් පුවත් :
- ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාණුවන් තරඟාවලියේ පළමු ජය ලබයි.!
- ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලාන කාලසටහන් ගැන තීක්ෂණ සහ හසරංග අසතුටෙන්.
0 Comments