ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද(9) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ජනාධිපතිවරයෙ සමග දූත පිරිසක් ද මෙම සංචාරය සදහා එක් වී සිටියහ .
ඔවුන්දෙ(09 ) උදෑසන 08.32 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .
ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික පිරිස රැගත් මෙම ගුවන් යානය අද(09) දහවල් 11.40 වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට නියමිතය.
තවත් පුවත් :
0 Comments