තීරණාත්මක හෙට තරගය ගැන මැතිව්ස් කියන දේ..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. අපේ ක්‍රීඩකයින් ඇත්තටම හෙට තරගයට සූදානමින්ද..? 

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අමෙරිකාවේ ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රෝරි ක්‍රීඩාංගණයේ (Grand Prairie Stadium in Dallas, USA) හෙට (08) පැවැත්වීමට නියමිතයි..

එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු සැසියට ඊයේ (06) දිනයේ සහභාගී වූ අතර එහිදී හෙට පැවැත්වීමට නියමිත තරගය පිළිබඳව සහ පවතින තත්ත්වය පිළිබඳ ඇන්ජලෝ මැතිව්ස් සිය අදහස් දැක්වීම සිදු කළා..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් ,

''අපිට හම්බුණ පුහුණුවීම් පහසුකම් හොඳම නෑ. විකට්ස් හොඳම නෑ. අද මම හිතන්නේ බැට් කරන්න බැරි වුණා කාටවත් හරියට. මම හිතන්නේ අපිට ටිකක් හම්බෙච්ච පසුගිය දවස් හතර පහ ඉතාමත්ම දුෂ්කර කාල සීමාවක් වුණා. ෆ්ලයිට් එක පැය ගාණක් ප්‍රමාද වෙලා පුහුණුවීම් කල් දාන්නත් වුණා. නමුත් මේක නිදහසට කරුණක් නෙමෙයි. අපි බාධක මැද ජයග්‍රහණය කරපු කණ්ඩායමක්. ඉතිං මේ දේවල් පස්සට දාලා අපි මේ තරගය හොදට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තරග තුනම තීරණාත්මක තරග තුනක් වෙනවා ඉදිරියේ දී. මොකද ඊළඟ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තේරෙන්නේ මේ තරග තුනම දිනන්න ඕනි. ඉතිං අපි සියලුම වෙර දරලා ක්‍රීඩා කරන්න ඕනි මේ තරගය ජයග්‍රගණය කරන්න.''

තවත් පුවත් : 


Post a Comment

0 Comments