ඔස්කාර් සම්මානයට සුදුසු ඇෆ්ගන් ක්‍රීඩකයා...


ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ බංග්ලාදේශය සමග අද (25) පැවති තරගය, ඇෆ්ගනිස්ථානය, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයගනු ලැබුවේ ලකුණු 08කින්.

බංග්ලාදේශයට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 116ක ඉලක්කය පන්දුවාර 12යි එක් පන්දුවකදී සපූරා ගත යුතු වුණා.

බංග්ලාදේශ ඉනිම අතරවාරයේ අවසන් කිහිපයකදීම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙද්දි, ඔවුන් පන්දුවාර 11කදී කඩුලු‍ 7ක් දැවී ලකුණු 81ක් ලබා අසීරු තත්ත්වය පසු වුණා.

ඒ ,වනවිට ක්‍රීඩා පිටියට මඳ වැසී පතිතවෙමින් සිටි මොහොතේදී ඩකවත් ලු‍විස් න්‍යායට අනුව බංග්ලාදේශය ලකුණු 2ක් පසුපසින් සිටියා. එය දුටු ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් සිය ක්‍රීඩකයින්ට ඉඟි කළේ සෙමින් පන්දු ක්‍රියාත්මක කරන ලෙසයි.

නායක රෂීඩ් ඛාන් ඒ බව වගේ වගක් නැතිව සිටියත්, එම පණිවිඩය දුටු ගුල්බදීන් නයිබ් හිටි හැටියේ පාදයේ ආබාධයක් ඇති වූ බව පවසමින් බිම පෙරළුණේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් ද විමතියට පත් කරමින්.

එහිදි ඔවුන් පවසා සිටියේ ගුල්බදීන් නයිබ්ට ඔස්කාර් සම්මානය පිරි නැමිය යුතු බවයි.

වර්ෂාවෙන් පසු යළි තරගය ආරම්භ වුණේ ඩක්වත් ලු‍විස් න්‍යායට අනුව බංග්ලාදේශයට පන්දුවාර 19කදී ලකුණු 114ක් ඉලක්කයක් හිමිකර දෙමින්. එහිදී සිය සටන්කාමීත්වය ලොවට විදහා පෑ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් අර්ධ ශතකයක් ලබා සිටි ලිටන් ඩාස් එක් අන්තයක හුදකලා කරමින් මෙම තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කළා.

ඔවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය වනවා.

ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන් සංවිධානය යටතට පත්වීමත් සමඟ එරට කාන්තා ජාතික කණ්ඩායම විසුරුවා හරිනු ලැබුවා.

එසේම ඇෆ්ගනිස්ථානය සමග පසුගිය මාර්තු මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සැළසුම් කර තිබූ තරගාවලියෙන් ඉවත්වීමටයි ඔස්ට්‍රේලියාව කටයුතු කළේ.

එවන් පසුබිමක අද ලැබූ ජයග්‍රහණයත් සමඟ ඇෆ්ගන් වැසියන් ප්‍රීතිඝෝෂා පවත්වමින් ජයග්‍රහණය සමරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, බංග්ලාදේශය සමග පැවති පන්දු වාර විස්ස තරගය ඇෆ්ගනිස්ථානය ජයගැනීමත් සමඟම ඔස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments