ICC Hall of Famer ගෞරවය දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු.


අද අපි කතා කරන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දෙයක් ගැන. ඒ තමයි ක්‍රිකට් Hall of Fame ගැන. සාමාන්‍යයෙන් Hall of Fame කියල කියන්නෙ යම් විෂයක අති විශිෂ්ට චරිත වෙනුවෙන් කළගුණ සැලකීමක් විදිහට ඔවුන්ට ගෞරවයක් පුද කිරීම වෙනුවෙන් කරන දෙයක්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේත් ලෙජන්ඩ්ස් ලා එහෙම නැත්නම් විශිෂ්ට චරිත වෙනුවෙන් ගෞරව පුද කිරීමක් විදිහට කරන අගය කිරීමක් තමයි මේ. 

මේ වෙනුවෙන් විවිධ රටවල ක්‍රීඩකයින් මූලික හඳුනාගැනීමක් සිදු කරනවා. පස්සේ ඒ නම් කරපු ක්‍රීඩකයින් අතරින් මේ ගෞරවය ලබා දිය යුතු ක්‍රීඩකයින් නම් කරනවා. ඉතින් මුලින්ම මේ ක්‍රමය හඳුන්වාදුන්නේ 2009 ජනවාරි මාසේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන්. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ  අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තමයි දැනට මේ ලැයිස්තුවට ශ්‍රී ලංකික  ක්‍රීඩකයින් 4 ක් ඇතුළත් වෙලා ඉන්න එක. ඉතින් අපි අද බලමු කවුද මේ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු කියල. 

1. මුත්තයියා මුරලිදරන්

එදාමෙදාතුර ලෝක ක්‍රිකට් පිටිය තුළ බිහිවුණු විශිෂ්ටතම පන්දු යවන්නා ලෙසින් සැලකෙන මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබුවේ 1992 දී යි. මුල් යුගයේ දී පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුරලි අසමත් වුණත්, 90 දශකයේ අවසන්භාගය වන විට පිතිකරුවන්ව භීතියට පත්කළ හැකි පන්දු යවන්නෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටියා. මුල් යුගයේ දී විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ගලාගෙන ගිය මුරලිගේ ක්‍රිකට් ජීවිතය ආලෝකමත් වුණේ 21 වන සියවස එළඹීමත් සමග යි. 

කැපවීම සහ දැඩි අධිෂ්ඨානය තුළින් සිය හැකියාවන් වර්ධනය මෙම දක්ෂ පන්දු යවන්නා වාර්තා එකින් එක බිඳ දමමින් සිංහ කොඩිය ලෝක ක්‍රිකට් පිටිය තුළ ඔසවා තැබුවා. වසර 19කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි මේ විශිෂ්ට දඟපන්දු යවන්නා, ක්‍රිකට් පිටියෙන් නික්ම යන විට ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙසින් වැජඹුනා. එදා මුරලිගේ නම ඉදිරියේ සටහන් වුණු වාර්තාව අසලට පැමිණීමට තවමත් කිසිදු පන්දු යවන්නෙකුට හැකියාව ලැබී නැහැ. 

2. අරවින්ද ද සිල්වා 

1965 වසරේ ඔක්තෝම්බර් මස 17 වෙනිදා උපත ලබා ඇති අරවින්ද ද සිල්වා කොළඹ ඩි.එස්. සේනානායක විදුහලෙන් අධ්‍යාපනය ලැබිය.

ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ ඔහු පාසැල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.

1984 වසරේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගත් ඔහු සිය එක්දින තරග දිවිය ආරම්භ කළේ එම වසරේ දී නවසීලන්තයට එරෙහිවයි.

ටෙස්ට් තරග 93 කට සහ එක්දින තරග 308 කට ක්‍රීඩාකර ඇති අරවින්ද ද සිල්වා රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 15,645 කි.

ඔහු ටෙස්ට් හා එක්දින තරගවලදී වාර්තා කර ඇති ශතක සංඛ්‍යාව 31ක් වන අතර අර්ධ ශතක සංඛ්‍යාව 86 කි.

හෙතෙම එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම ද නියෝජනය කළේය.

1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවා වූ ඔහු අවසන් මහ තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 107 අදටත් මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ හදවතේ රැඳී අමරණිය මතකයක් ලෙස සටහන්ව තිබේ.

එතෙක් මෙතෙක් ලෝක කුසලාන අවසන් මහ තරගයක ශතකයක් රැස් කරමින් කඩුලු තුනක්ද ලබා ගත් එකම ක්‍රීඩකයා වන්නේ අරවින්ද ද සිල්වා වන අතර, එම වාර්තාව බිඳ හෙලීමට කිසිවෙක් මේ දක්වා සමත්ව නොමැත.

2003 වසරේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබූ ඔහු ඊට වසර 20 කට පසුව " ICC Hall of Fame" ඇගයීමට පාත්‍රවීම සුවිශේෂි කරුණකි.

3. මහේල ජයවර්ධන 

දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන උපත ලබන්නේ  1977 මැයි මස 27 වැනිදාය. ඔහු  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයයෙකි. ඔහු විශේෂඥ දකුණත් පිතිකරුවෙකි. 

මහේල1997 දී ටෙස්ට් හා එක්දින වරම් ලැබුවේය. 2006 දී ඔහු ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කල වැඩි ම ලකුණු සංඛ්‍යාව වන 374 දකුණු අප්‍රිකාවට එරෙහිව මව්බිමෙදී ලබා ගන්නා ලදී. ඔහුට 50ට ඉතාමත් ආසන්න ටෙස්ට් සාමාන්‍යයක් (49.84) හා 30ට වැඩි (32.90) එක්දින සාමාන්‍යයක් ඇත. ටෙස්ට් ලකුණු 10,000 හා 11,000 සීමාව පසු කල පලමු ශ්‍රී ලාංකිකයා ද ඔහු වේ.ඔහුගේ අඩු ලකුණු සාමාන්‍යය නොසලකා හැරියොත් ඔහුගේ ම කණ්ඩායම් සගයෙකු වන කුමාර් සංගාක්කාර සමග මැතකදී ශ්‍රී ලාංකාවෙන් බිහි වූ හොදම පිතිකරුවෙකු වේ.ඔහු එක් දින ජාත්‍යන්තර තරඟ වලදී කුමාර් සංගක්කාර හා සනත් ජයසූරිය හැරුණු විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10,000 ක් ලබා ගත් තෙවැනි පිතිකරු වේ.

4. කුමාර් සංගක්කාර

කුමාර් සංගක්කාර (උපත 27 ඔක්තෝම්බර් 1977, මාතලේ, ශ්‍රී ලංකාව) යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි සාමාජිකයෙක් මෙන්ම හිටපු නායකයාද වේ.

 ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියත්, ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමගම ඔහුගේ පිතිකරණයේ සැලකිය යුතු වෙනසක් ඇති විය. 

ඔහුගේ ක්‍රීඩා දිවියේ අවස්ථා කීපයකදිම ලොව අංක 1 ටෙස්ට් පිතිකරු බවට පත් වීමට ඔහුට හැකි විය. ලෝක කුසලානයේදි ඉන්දියාවට එරෙහිව ලද පරාජයත් සමගම ඔහු නායකත්වයෙන් ඉවත් විය. 

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට(12) පසුව ලොව වැඩිම ටෙස්ට් ද්විතව ශතක ගණනක් රැස්කර ඇත්තේ සංගක්කාර (11) වේ. ඔහු සිය 11වන ටෙස්ට් ද්විත්ව ශතකය 2015 ජනවාරි 4 දින නවසීලන්තයෙ වෙලින්ටන් හිදී නවසීලන්තයට ඒරෙහිව ලබාගන්නා ලදී.

තවත් පුවත් : 



Post a Comment

0 Comments