එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ට අලුත් මුහුණු දෙකක්.


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය නම්කර තිබේ.

එම තරගාවලිය තරග තුනකින් සමන්විත වෙයි.

මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් කැඳවා තිබේ. ඒ කඩුලු රකින ක්‍රීඩක ජැමී ස්මිත් සහ වේගපන්දු යවන ක්‍රීඩක ඩිලෝන් පෙනින්ග්ටන් ය.   

එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයින් ලෙස සිටි බෙන් ෆොක්ස් සහ ජොනී බෙයාස්ටෝ මෙම සංචිතය සඳහා නම්කර නොමැත.

එංගලන්ත සංචිතය මෙසේය - බෙන් ස්ටොක්ස් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ගස් ඇට්කින්සන්, ෂොයිබ් බෂීර්, හැරී බ්රූක්, සැක් ක්‍රෝලි, බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ඩිලෝන් පෙනින්ග්ටන්, ඔලී පෝප්, මැතිව් පෝට්ස්, ජෝ රූට්, ජැමී ස්මිත්, සහ ක්‍රිස් වෝක්ස්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර ජුලි 10 වනදා ලෝඩ්ස් පිටියේ ඇරඹෙන පළමු ටෙස්ට් තරගය ජේම්ස් ඇන්ඩර්සන් ගේ සමුගැනීමේ ටෙස්ට් තරගය වෙයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments