බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද දින නියම කරන ලදී.
ඒ අනුව මෙම ඇප ඉල්ලීම එළඹන පහළොස්වෙනිදා විභාගයට ගැනීමට නියම කළේය.
ඇප අයදුම් පත කැඳවූ අවස්ථාවේදී ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ලිඛිත දේශන අද ගොනුකර තිබේ.
තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට වසර තුනක බරපතළ දඬුවම් නියම කරන ලදී.
එම තීන්දුව අභියෝගය කරමින් ඇයගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇත.
ඒ අනව මෙම ඇප ඉල්ලීම මහාධිකරණය වෙත ගොනුකර ඇත.
තවත් පුවත් :
- ප්රභූන්ට කාන්තාවන් සපයා ඒ අසභ්‍ය වීඩියෝ ක්ලබ් වසන්ත ලග.. හිටපු ජනපතිවරයෙක්ද ඒ අතර..
- වනිඳු හසරංග ගැන වාර්තා වෙන උණුසුම් පුවත මෙන්න.
0 Comments