අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතිකයක් ලබා දී තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මෙම සහතිකය ලබාදී ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (22) පස්වරුවේ පවත්වා ඇති අතර එහිදී වසර දෙකක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබේ.
ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සහ දරණ බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන අතර මේ වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව වාර්තා වේ.
පසුගිය සමය ඉතා දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර ජනාධිපතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළ ද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ දී ගෙනඒමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
තවත් පුවත් :
- චමරි අතපත්තු කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශතකයක් රැස්කල පලමු ක්‍රීඩිකාව බවට පත්වේ.
- හර්දික්ට වඩා සූර්යකුමාර් T20I නායකයා ලෙස තෝරා ගත්තේ මන්දැයි අගර්කාර් පැහැදිලි කරයි.
0 Comments