ලොව පුරා තාක්ෂණික බිද වැටීම්.


ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍ෂේත්‍රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ බිඳ වැටීම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම බිඳ වැටීම් නිසා ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපල ආශ්‍රිතව තාක්ෂණ ගැටළු වාර්තා වී ඇති අතර, බොහෝ ගුවන් ගමන් නවතා දමා ඇති බව ද වාර්තා වේ.

තාක්ෂණික බිඳ වැටීම් හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද පැවැසෙයි. බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පැහැදිලි කර ඇතැයි ද වාර්තා වේ.

බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර, ලන්ඩන් කොටස් වෙළඳපොලටද මේ හේතුවෙන් බලපෑම් එල්ලවී ඇත. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments