රනිල් සම්බන්ධයෙන් බැසිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..


රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව  ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

"මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙමෙයි.

ඒ වගේම අපි බයත් නෑ ණයත් නෑ කියලා සඳහන් කරන්නේ ඉතාම ගෞවරයෙන්.

අපේ පක්ෂයේ සියලුදෙනාම තීන්දුවක් අරගත්තා ඒ අවස්ථාවේ හැටියට මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඔබතුමාට කියලා.

අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා. ඉදිරියටත් ඒ සහයෝගය දක්වනවා කියන එක අපි කියනවා.

ඒ කරන්නේ රට වෙනුවෙන් හා මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක ඒ රටත්, ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් ඔබතුමාට සියලු ශක්තිය ලබාදෙනවා කියලා ඔබතුමාට සඳහන් කරනවා."

අභියෝග බාර ගනිමින් රට ඉදිරියට ගෙනයන නායකත්වය සමග ජනතාව කටයුතු කළ යුතු බව, එම උත්සවයට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

තවත් පුවත් : 


Post a Comment

0 Comments