වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි.


ජේෂ්ඨ මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමා අද අප අතරින් වෙන්වගියා. කිසිදා වාමවාදී ප්‍රතිපත්ති පාවා නොදී, වරදාන වරප්‍රසාද හඹා නොගිය, උගත් දේශපාලන නායකයෙක් වූ මෙතුමා අපිට අමරණීය චරිතයක්. මගේ දේශපාලන ගුරුතුමා ලෙස මම හැමදාමත් ඔහුට ගරු කලා, කරනවා. නව සමසමාජ පක්ෂයේ මා සිටි සමයේ ( 2008 - 2015),  බාහු සහෝදරයාගෙන් ලද උපදෙස් මගේ ජීවිතයට ගොඩක් වැදගත් උනා. පක්ෂයෙන් ඉවත් උනත්, ඔහු සමග තිබුනු බැඳීම හැමදාමත් තිබුනා. මගේ විවාහයේ මගේ සාක්ෂියට අත්සන් කලේත් මෙතුමා. වාමවාදී දේශපාලනයේ සලකුණ අද අප අතරින් වෙන් උනත්, ඔබේ ඉගැන්වීම, දර්ශනය,සහ ඔබ ගැන ඇති මතකය සදාකාලිකයි. යලිත් අප අතරම උපත ලැබ, අසම්පූර්ණ දේශපාලන සටන ජයගෙන, නිර්වාණය අවබෝධ කරගන්න හැකිවේවායි පතමි.

මීට පොඩි සිසිල්චන්ද්‍ර (ඔබ මා ආමන්ත්‍රණය කල වචන වලින්)

තවත් පුවත් : 

Post a Comment

0 Comments