ටෙස්ට් තරගය කට උඩ තියලා.. කුසල් මෙන්ඩිස්ට වුණ දෙය.. එකවරම තීරණ 02ක් මෙන්න..

 


හෙට (29) දින, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත් වේ.

ඒ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ය.

මේ වන විට එම ටෙස්ට් තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර ඇත.

එහි වෙනස්කම් දෙකක් සිදුකර ඇති බව සඳහන් වේ.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ට සහ විශ්ව ප්‍රනාන්දු ට ඔවුන්ගේ ස්ථාන අහිමි වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා වෙනුවට පැතුම් නිස්සංක ව සහ ලහිරු කුමාර ව කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම :

දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments