බංග්ලාදේශ මාධ්‍යවේදිනියකගේ සිරුර වැවකින් හමුවෙයි.


බංග්ලාදේශ රූපවාහිනී මාධ්‍යවේදිනියක වන සාරා රහනුමාගේ (Sarah Rahanuma) සිරුර ඩකා අගනුවර වැවක පාවෙමින් තිබියදී අද (28) සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

32 හැවිරිදි සාරා 'Gazi TV' හි ප්‍රවෘත්ති සංස්කාරකවරියක් ලෙස සේවය කරමින් සිට ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ සිරුර සාගර් නම් පුද්ගලයෙකු විසින් රෝහලකට රැගෙන ගොස් ඇති බවයි.

සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ ඔහු,

"මම දැක්කා කාන්තාවක් Hatirjheel වැවේ පාවෙනවා. පසුව ඇයව DMCH වෙත ගෙන ආවා. එහිදී වෛද්‍යවරු ඇය මිය ගිය බව ප්‍රකාශ කළා." යනුවෙන් පවසා තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් බලයෙන් පහකළ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ පුත් සජීබ් වසේඩ් සඳහන් කර තිබුණේ, සාරා රහනුමාගේ මරණය රටේ ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ තවත් ම්ලේච්ඡ ප්‍රහාරයක් වන බවයි.

මරණයට දිනකට පෙර රාත්‍රියේදී සාරා ෆේස්බුක්හි පළ කරන ලද පෝස්ටුවක් පිළිබඳවත් මේ වන විට අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඇය ෆාහිම් ෆයිසාල් නම් පුද්ගලයෙකු ටැග් කර ඔහු වැනි මිතුරෙකු ලැබීම භාග්‍යයක් වන බවයි සඳහන් කර ඇත්තේ.

"ඔබ වැනි මිතුරෙකු සිටීම සතුටක්. දෙවියන් වහන්සේ ඔබට සැමවිටම ආශිර්වාද කරයි.

ඔබ ඔබේ සියලු සිහින ඉක්මනින් ඉටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මම දන්නවා අපි ගොඩක් සැලසුම් කළා.

සමාවෙන්න, අපගේ සැලසුම් ඉටු කළ නොහැක..

ඔබගේ ජීවිතයේ සෑම දෙයකට ම දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි...''

එමෙන්ම තවත් පෝස්ට් එකක ඇය සටහන් කර ඇත්තේ,

"මරණයට සමාන ජීවිතයක් ගත කරනවාට වඩා මැරෙන එක හොඳයි...." යනුවෙනි.

මෙම කරුණු කාරණා මත පදනම්ව ඇයගේ මරණය කෙසේ සිදු වූවාද යන්න තවමත් අභිරහසක් වන බවත් සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුවෙමින් පවතින බවයි ඩකා වෛද්‍ය විද්‍යාල රෝහල (DMCH) භාර පොලිස් පරීක්ෂකවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ.

තවත් පුවත් : 


Post a Comment

0 Comments