ඊයේ (14) ප්‍රකාශයට පත් කර ඇති නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පැතුම් නිස්සංක 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
පසුගිය ඉන්දීය සංචාරයට පෙර ඔහු 10 වැනි ස්ථානයේ පසු වූවා.
ඉන්දියානුවන්ට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 101ක් ලබා ගැනීමයි ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට හේතුවී ඇත්තේ.
මෙම තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 157ක් ලබාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා එක්දින පිටියේ දෙවැනි තැනට පත්ව ඇති අතර, පාකිස්තානයේ බාබර් අසාම් පළමු තැන ලබා ගෙන තිබෙනවා.
මේ අතර පැතුම් නිස්සංක විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 17 වැනි ස්ථානයේ රැඳී සිටීයි.
එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 76 වැනි ස්ථානයේ රැඳී සිටි දුනිත් වෙල්ලාලගේ පියවර 17ක් ඉදිරියට පැමිණෙමින් 59 වැනි ස්ථානයට පැමිණ තිබීමද විශේෂත්වයක්.
ඉන්දියානුවන්ට එරෙහිව පැවති තෙවැනි එක්දින තරගයේදී ලකුණු 27කට කඩුලු 5ක් බිඳ දැමීම හේතුවෙන් ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත්තේ.
තවත් පුවත් :
0 Comments