2022 වසරේ මුල් කාලයේදී මෑත ඉතිහාසයේ කවරදාවත් සිදුනොවූ භාණ්ඩ හිඟයක්, විදේශ මුදල් හිඟයක්, දේශීය මූල්‍ය හිඟයක් සමගම සාමාන්‍ය මිනිසාගේ ජනජීවිතය දිනෙන් දින අඩාල විය. ඇතැම් අය රට අතහැර ගිය අතර, අධිඋද්ධමනය නිසා මාස් පඩියෙන් ජීවත් වූ අයට මූල්‍ය ගැටළු ඇතිවිය. ඡන්ද දිනට දාන කතිරයට පමණක් සිය දේශපාලනය සීමකරගෙන සිටි බොහෝ මධ්‍ය පාංතික ජනයා, රාජ්‍ය නායකයා පලවා හැරීමට, නායකත්වය අදටත් රහසක් වූ ජන අරගලයකට එක්විය. ඒ අරගල භූමියට පැමිණි බොහෝ දෙනා, එම රාජ්‍ය නායකයා පත්කිරීමට ඊට වසර 2කට පෙර සිය ඡන්දය ප්‍රකාශ කල අයවීම විශේෂයකි. මෙතනින් පාරම්පරික දේශපාලනය බොහෝසෙයින් අඩු වී, ස්වාධීන ඡන්දදායකයන් පිරිසක් බිහිවිය. ඔවුන්ගේ තර්කය මෙතෙක් රට පාලනය කල එජාප/සජබෙ පිලත්, ශ්‍රීලපොපෙ/ශ්‍රීලනිප පිලත් රටේ සමාජ, ආර්ථික පරිහානියට හේතුව නිසා, මීලඟට ඡන්ද පදනම තිබෙන හා මෙතෙක් රාජ්‍ය පාලනය සිදුනොකල ජවිපෙ ඇතුලු ජාජබ (මාලිමාවට) අවස්ථාවක් ලබාදියයුතු බවයි. එහිදී එම ජාජබ කණ්ඩායම කිසිදා දේශපාලනික වශයෙන් හෝ ව්‍යාපාරික වශයෙන් හෝ වෘත්තීය වශයෙන් හෝ පුද්ගලයෙක් වශයෙන් මූල්‍ය ආර්ථික කළමනාකරණය සිදුනොකල, නොමිලේ පක්ෂ අරමුදලෙන් ලැබුනු දේවල් වලින් ජීවත් වූ පිරිසක් බවත් අමතක කර ඇත. ඔවුන්ට රට තුල සමාජ හා ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීමට වැඩපිලිවෙලක් තිබේද යන්නද ඉහත ස්වාධීන පිරිස සැලකිල්ලට ගන්නේ නැත. ඒ වෙනුවට අනුර කුමාරගේ විවේචන වලට, පුරසාරම් වලට වශී වී ඇත. මේ ස්වාධීන වූ පිරිසව, දේශපාලන පරිනතබවක් නැති, මුග්ධයන් ලෙස ඇතැම් විචාරකයන් විසින් හැඳින්වූවත්, ඔවුන් මුග්ධයන් නොව, රටේ ගැටළු සම්බන්ධ අතිශය සංවේදී, පරාර්ථකාමී පිරිසකි. ඔවුන්ගේ එකම ගැටළුව, ඔවුන්ට ඇති කාර්යය බහුලත්වය නිසා, දීර්ඝ විග්‍රයක නිරත නොවී, තීරණාත්මක ඉදිරි වසර 5ක පාලනය සඳහා, අද්දැකීම්, දැනුම හා හැකියාව රහිත පිරිසක් අත්හදාබැලීමකට සූදානම් වීමයි.
මේ ස්වාධීන වී, හිතුවක්කාර අත්හදාබැලීමකට සූදානම් පිරිස මොහොතකට කල්පනා කල යුතු දෑ කිහිපයකි. එම පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහගේ හෙලිදරව්වට අනුව, කිලී මහරාජාගෙන් ලද සන්තෝසම් නිසා සිරස ටීවී හෝ වෙනම පාලනයක් සඳහා වන දෙමල විමුක්තිවාදී ව්‍යාපාරය විවේචනය නතර කලානම්, ධම්මික පෙරේරාගෙන් ලද මිලියන 100ක සන්තෝසම් අනුව කුණු ගැටළුවට විරුද්ධ සටන පාවා දුන්නානම්, එවැනි අවස්ථාවාදී පිරිසකට පුලුවන්ද ජනතා ගැටළු විසඳන්න. අර අරගලය දවස් වල, සෑම ද්‍රිස්තික්කයක් වෙනුවෙන්ම හදපු whatsapp සමූහ නිර්මාණය කලේ කවුද? අරගලය සිදුකරන දිනය තීරණය කලේ කවුද? එවකට ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ හා පාක්ෂිකයන්ගේ නිවාස, දේපල ගිනිබත් කලේ කවුද? මේවාට ස්වාධීන පිරිස සම්බන්ධ උනාද? මේ කාරණා පිලිබඳ නැවත සිතාබැලීමක් කලයුතුයි.
- යෙනුක සිසිල්චන්ද්‍ර
0 Comments