හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.


මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් 6 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.

මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ , සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර ඇත.

එමෙන්ම මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා 7ක් සහ සමාජ මාධ්‍ය පිටු 200ක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා.

තවත් පුවත් : 


Post a Comment

0 Comments