සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟා වූ වේගවතම යූටියුබ් නාලිකාවේ ලෝක වාර්තාව තබා තිබෙන බව වාර්තා වනවා.
UR.Cristiano නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ පලමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම් පසු කර ඇති අතර මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ද පසු කර අවසන් තිබීම විශේෂත්වයක්.
මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම මිලියනයේ කඩයිම පසුකර පැමිණි යූටියුබ් නාලිකාවයි.
මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන 'Sidemen Reacts' මෙම වාර්තාව තබා තිබුණා.
තවත් පුවත් :
- මංගල ටෙස්ට් තරගාවලියේදීම වාර්තා පොත් අතරට ගිය තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක.
- එංගලන්ත බිමේදී මංගල ටෙස්ට් වරම් දිනාගත් 166 වන ශ්‍රී ලංකා ක්‍රීඩකයාට සංගා ඇවිත් හිස්වැසුම පලදායි.
0 Comments