මංගල ටෙස්ට් තරගාවලියේදීම වාර්තා පොත් අතරට ගිය තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක.


ඊයේ(21) ආරම්භ වුන ශ්‍රි ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් වරම් හිමිකරගත් තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක සිය මංගල තරඟයේදීම වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා.

ඒ, මෙම ඉනිම ඕනෑම ක්‍රීඩකයෙක් සිය මංගල ටෙස්ට් තරගයකදී අංක 9 ස්ථානයේ සිට ලබා ගත් වැඩිම ලකුනු සංඛාවේ වාර්තාව වන අතර එහිදී පන්දු 135 කදී ලකුනු 72 ක් ලබා ගත්තා.

මීට පෙර මෙම වාර්තාව තබා තිබුනේ 1983 දී හයිද්‍රාබාද්හිදී පකිස්තානයට එරෙහිව ලකුනු 71 ක් ලබාගත් ඉන්දීය ක්‍රීඩක බල්වින්දර් සන්දු විසින්.

මිලාන්ගේ මෙම ඉනිම නිසා ලකුණු 113/7 ලෙස අසීරු තත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 236 ක් දක්වා ඉහළට ගෙනඒමට හැකිවුණා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments